හැරී බෲක්ගේ තණතිල්ලේ කතාවට මැතිව්ස්ගෙනුත් උත්තර ලැබෙයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවන එක්දින තරගය සඳහා යොදාගත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරුව සම්බන්ධයෙන් එංගලන්ත නායක හැරී බෲක් සිදුකළ ප්‍රකාශනයක් සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එදින තරගයෙන් අනතුරුව එම තණතිල්ල පිළිබද අදහස් දක්වමින් එංගලන්ත නායක හැරී පවසා සිටියේ ඔහු ක්‍රීඩාකර අයහපත්ම තණතිල්ල එදින තරගය සඳහා යොදාගත් තණතිල්ල විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවට එක්වූ චරිත් අසලංක පවසා සිටියේ එම තණතිල්ල සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය හුදෙක් හැරී බෲක්ගේ මතය බවත් එය ලකුණු 440ක් රැස්කළ තරගයක් වූ බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද X සටහනක් මඟින් අදහස් දක්වා තිබෙනවා.

”ඉතින් නරක කඩුලු ගැන ලොකු කතාබහක්! නරක කඩුලු යන්නෙහි අර්ථ දැක්වීම කාටහරි මට පැහැදිලි කරන්න පුළුවන්ද? ආසියානු රටවල් විදේශයන්හි ක්‍රීඩා කරන විට සහ කඩුල්ලේ තණකොළ, චලනය සහ සීම් එක ගොඩක් ඇති විට එය “ක්‍රීඩා” කඩුලු වේ, නමුත් උප උප අන්තර්ගතයේ එය වෙනස් වූ විට එය භයානක කඩුලු ලෙස හැඳින්වේ ? මට නම් නරක කඩුලු යනු good length ඉවතට පනින සහ පිතිකරුවන්ට හානි කළ හැකි හෝ ක්‍රීඩා කිරීමට භයානක ඒවා යි” යානුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සිය සටහනේ පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14