රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීම ගැන විශේෂ තීරණයක්

2025 වසරේ නොවැම්බර් මස දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මතසාමාන්‍ය ජන ජීවිතයට බරපතල හානි සිදුවීම හේතුවෙන් නියමිත දිනට රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ඉදිරිපත් වීමේ දුෂ්කරතාවන්ට මහජනතාවට මුහුණ පෑමට සිදුවුණා.

එමෙන්ම, එම කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ හා අලුත් කිරීමේ සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව එමඟින් මාර්ග ආරක්ෂාවට හා මාර්ග භාවිත කරන්නන්ට අහිතකර බලපෑමක් ඇති නොවනු පිණිස 2025-11-25 දින සිට 2025-12-24 දින දක්වා වූ කාලය තුළ වලංගු කාලය ඉක්ම වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය, එසේ කල් ඉකුත් වීමට නියමිත ව තිබූ දින සිට මාසයක කාලයකින් දීර්ඝ කරමින් 2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝග, අංක 2467/52 දරන 2025-12-17 දිනැති අති විශේෂ ගැසට්‌ නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන පරිදි එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12
Video thumbnail
පියතුමෙකුට ලුහුබැද ප#ර දුන් සිද්ධියේ සියල්ල කැබිනට් මාධ්‍ය හමුවේ හෙළිවෙයි..
03:05
Video thumbnail
වෛද්‍ය බෙල්ලනව FCID එකෙන් ප්‍රශ්න කරයි - රජයත් එක්ක මට ගැටුමක් නෑ
06:05
Video thumbnail
සාධාරණයක් ඉල්ලා රජයේ වෛද්‍යවරු සැරවෙයි
05:09
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.01.27
01:44:01
Video thumbnail
කොට්ටච්චි කිව්ව පියයුරු කතාවට SLFP කතුන්ගෙන් සැර සත්තමක්..තමන්ගේ නි#වත අලෙවි කරන තැනට ආණ්ඩුව වැ#ලා
07:53
Video thumbnail
මහ රෑම ගිනිගත්හේන පොලිසියෙන් කළ රථ වාහන පරීක්ෂාව
02:27
Video thumbnail
මිහින්තලේ දැඩි උණුසුම් තත්ත්වයක්.."මිහින්තලේ පොලිසියට පගාව දීලා..කසිප්පු විකුණනවා"
11:35
Video thumbnail
99න් බේරෙනවා කියන්නේ මෙන්න මේවට
00:53


?