Update – කුඩු විකුණද්දී අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරියගේ පැටිකිරිය එළියට

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඊයේ (26) බදුල්ල ප්‍රදේශයේ දී වැලිමඩ, අඹගස්දෝව පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණා.

එහිදී සැකකාර කොස්තාපල්වරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 200ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 26,000ක මුදලක් ද ඇය සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරිය බදුල්ල කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයට අනියුක්තව රාජකාරි කළ නිලධාරිනියක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ඇය සමඟ මෙම ජාවාරමට සම්බන්ධ බව කියන සැකකාරියන් තිදෙනෙක් සහ සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් බදුල්ල, හැගොඩ සහ උදයගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු එකම පවුලේ මව, දියණිය සහ දියණියගේ ස්වාමිපුරුෂයා බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන් සන්තකයේ තිබියදී ද හෙරොයින් මත්ද්‍රව්‍යසොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරිය මීට පෙර කළුතර පොලිස් කොට්ඨාසයේ සිට 2023 වර්ෂයේ දී බදුල්ල කොට්ඨාසය වෙත ස්ථාන මාරුවීම් ලබා පැමිණි තිබෙනවා.

සැකකාරිය මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ලබාගන්නා මුදල් ඇයගේ මවගේ බැංකු ගිණුමකට බැරකර සැකකාරිය විසින් ලබාගෙන ඇති බවට සිදුකළ විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12