ව්‍යාපාරිකයෙක් ඉලක්ක කර ඌරගස්මංහංදියේ වෙඩි තැබීමක් ? – වෙඩි තැබීමකට අදාළ සාක්ෂියක් නැහැ – පොලිසිය

ත්‍රීරෝද රථයකින් ගමන් ගත් එළවළු ව්‍යාපාරිකයෙකු ඉලක්කර ඇල්පිටිය – අලුත්ගම ප්‍රධාන මාර්ගයේ ඌරගස්මංහංදිය, යටගල කනිෂ්ඨ විද්‍යාලය අසල දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අද (26) දහවල් වෙඩි තැබීමක් සිදුකළ බවට ඌරගස්මංහංදිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ එළවළු ව්‍යාපාරිකයාට විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, පැමිණිල්ල සිදුකරමින් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ තමන්ට ජීවිත තර්ජන ඇති බවයි.

කෙසේ වෙතත් පොලිසිය අදාළ වෙඩි තැබීම සිදුවූ බව කියන ස්ථානය පරීක්ෂා කර ඇති අතර, වෙඩි තැබීමකට අදාළ කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් සොයා ගැනීමට හැකියාව ලැබී නැහැ.

ඌරගස්මංහංදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?