වැඩ තහනමට ලක්කර සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න තමාට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට පැමිණිලි කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය, සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතනවලට මෙලෙස පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර ප්‍රවීනතම ජනාධිපති නීතිඥ මඩුල්ලක්, චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මෙම පැමිණිලි සකස් කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.
ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කිරීමට අමතරව මෙරට අභියාචනාධිකරණයේ ද මීට අදාළව නඩුවක් ගොනු කිරීමට
කටයුතු කරමින් සිටින බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගිය 23 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක් කරනු ලැබුවා.
ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බව මූලික පරීක්ෂණයකින් හෙළිවීමෙන් පසුව වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් කිරීමටද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව තීරණය කර තිබෙනවා.














මේ තනතුර ශ්‍රිලංකා පරිපාලන සේවයේ ව්‍යවස්ථාපිත තනතුරක් බවට ශ්‍රීලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවෙ පැහැදිලිව සදහන්කර ඇත. මම තනතුරට පත්වීමට ඇති ආකාරයන් 2 යි
1. ශ්‍රීලංකා පරිපාලන සේවයට විධිමත්ව
පත්වීම. ඒ ආකාර 3යි. විවෘත තරග
විභාගයෙන් සමත්වීම, සීමිත තරග ව්භා ගයෙන් සමත්වීම හා කුෂලතා(merit)විභාගය සමත්වීම 2.ජනාධිපති වරයා විසින් ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය මත පත් කිරීම(තාවකාලික පත්වීමකි)