ICC තීරණයත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විශේෂ තීරණයක් ගනී

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට අයි.සී.සීය ගත් තීරණයට අභියෝග කිරීමට නොයන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය කමිටු සභාපති අම්සාඩ් හොසේන් පවසනවා.

සෙනසුරාදා ඩකාහි පැවති මණ්ඩල රැස්වීමකින් පසුව මාධ්‍ය කමිටු සභාපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය, අයි.සී.සීයේ ආරවුල් විසඳීමේ කමිටුවෙන් ඉල්ලා සිටි නමුත් එවැනි පියවරක් ගෙන නොමැති බවයි අම්සාඩ් පවසන්නේ.

“ICC අපට ක්‍රීඩා කිරීමට හෝ ඔවුන්ට අපගේ ක්‍රීඩා ශ්‍රී ලංකාවට මාරු කිරීමට නොහැකි බව පවසා ඇති බැවින්, මෙම අවස්ථාවේ දී අපට ඉන්දියාවට ගොස් ක්‍රීඩා කළ නොහැක. අපගේ ස්ථාවරය එලෙසම පවතී. අපි වෙනම බේරුම්කරණයකට හෝ මෙහි කිසිම දෙයකට යන්නේ නැහැ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

පසුගිය සතියේ, අයි.සී.සී මණ්ඩල රැස්වීමකදී, බංග්ලාදේශයට මෙවර ලෝක කුසලානය සඳහා ඉන්දියාවට පැමිණිය නොහැකි නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් පත් කරන බව දැනුම්දෙනු ලැබුවා.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු පවතින බවට සඳහන් කරමින් බංග්ලාදේශට ඉන්දියාවට පැමිණිය නොහැකියි යන්න දැඩි තීරණයේ පසු වුණා.

ඒ, අනුවයි බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කරමින් ස්කොට්ලන්තය තරගවලියට එක්කර ගැනීමට අයි.සී.සීය කටයුතු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56