සිය කණ්ඩායම ගැන නායක දසුන් ශානකගෙන් තක්සේරුවක්

ඉදිරියේදී පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ තරගාවලිය මෙන්ම විස්සයි විස්ස ලෝක කුසලානය ද ශ්‍රී ලංකාවේ පැවැත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්මක කාරණාවක් බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක පවසනවා.

මෙරට දී ක්‍රීඩා කරන තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශිස්ඨ දස්කම් දැක්වීමට සමත්ව ඇති බවත් එම වාසිදායක තත්ත්වය මත ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිටින බවත් දසුන් ශානක සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය මගින් සංවිධානය කර තිබූ ක්‍රීඩා තරගාවලියක ආරම්භ අවස්ථාවට එක්වූ අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?