සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගන්වා තිබෙනවා.
සුළු ආබාධයක් හේතුවෙන් ඔහුව මෙලෙස එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර ඔහු එංගලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තරගාවලිය වෙනුවෙන් තවමත් ශ්‍රී ලංකා සංචිතය නම්කර නැහැ.
සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ එක්දින තරගාවලිය ලබන 22 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.
විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 30 වනදා ආරම්භ වන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1



