ජින්තුපිටිය වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි – ළමුන් දෙදෙනෙකුටත් වෙඩි වැදිලා

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 44ක කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙහිදී 04 හැවිරිදි පිරිමි දරුවෙක් සහ 03 හැවිරිදි ගැහැණු දරුවෙකුට ද වෙඩිවැදීමෙන් තුවාල සිදුව තිබෙනවා.

තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේ දී මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03ක් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?