රෝස මලක් තැලූ නොමිනිස්කම නිසා වතු යාය මැදින් ඇසුණු විලාපය

නාවලපිටිය, වෙස්වෝර්ල්ඩ් වතුයායේ, රිලාගල කොටසේදී ඊයේ (15) දින 07 හැවිරිදි පාසල් දැරියක් දුෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙක් නාවලපිටිය පොලිසිය මගින් අද (16) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් දැරියගේ නිවසට ආසන්න ප්‍රදේශයක මෙම සැකකරුද පදිංචිව සිට ඇති බවත්, ඊයේ (15) දින පස්වරුවේ බීමත්ව සිටි සැකකරු පාසල් දැරියව නිවසින් මිටර් 500ක් පමණ එපිටට රැගෙන ගොස් දුෂණය කර එම පාසල් දැරියව එම ස්ථානයේම දමා ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

නිවසේ සිටි දැරිය නොමැති බව දැනුවත් වූ පසු ඥාතින් සහ එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් එක්ව දැරිය සෙවීමේදි අතුරුදහන්ව සිටි දැරිය සොයා ගැනිමට හැකිව තිබෙනවා.

මෙලෙස එම දැරිය ඥාතීන්ට හමුවී ඇත්තේ දැරිය අතුරුදන් වී පැය 04කට පමණ පසුව බවත් පැවසෙනවා.

එම දැරිය විසින් සැකකරුගේ නම ප්‍රකාශ කිමෙන් පසු ඥාතීන් විසින් ඒ පිලිබදව නාවලපිටිය පොලිසියට පැමිණිලි කර පාසල් දැරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය
ළමා රෝහල වෙත යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?