පේරාදෙණි සරසවි සිසුන්ට පහරදුන් සිව්දෙනා රිමාන්ඩ් කෙරේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් ඊයේ (15) පේරාදෙණිය වැලිහිරිය ප්‍රදේශයේ පිහිටි ඔයක දිය නෑමට ගොස් ඇති අතර, එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් සමඟ ඇති වූ ආරවුලකදී විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට පහරදීමක් සිදුව තිබෙනවා.

එලෙස පහර කෑමට ලක් වූ සිසුන් සිව් දෙනෙක් මේ වන විට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානය විසින් සිදුකර ගෙන යන විමර්ශනයට අදාළව ඊයේ (16) දිනයේදී මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් කිරිබත්කුඹුර ප්‍රදේශයේදී සහ අද (16) දින තවත් සැකකරුවෙක් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 30 හා 31 වයස්වල පසුවන අස්ගිරිය, ගොතටුව සහ මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීය සඳහන් කළේ.

සැකකරුවන් සිව්දෙනා අද (16) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?