ඩුබායි හි සැගවී සිටි පුංචා, චූටි මල්ලී සහ නිශාමනී දිවයිනට රැගෙන එයි

ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව කාන්තාවක්, විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

ඔවුන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් අතරින් එක් අයෙක් ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමැත්තා වන අතර අනෙක් පුද්ගලයා කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී ලෙස හඳුන්වන කදාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සදහා චෝදනා ලැබූවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මීට අමතරව මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි හේවා කසකාරගේ රුජා නිශාමනී ද සිල්වා නම් කාන්තාව ද මෙසේ අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් රවීන් චමින්ද නැමැත්තා බස්නාහිර උතුර පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයටත්, රසික සංජීව නැමැත්තා ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට සහ නිශාමනී ද සිල්වා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලය වෙත දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන යාමට පියවර ගත් බව දසත ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
4
+1
12
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56