බන්ධනාගාර ගතව සිටින බලංගොඩ කස්සප හිමි උපවාසයක

පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව්නමක් සහ පුද්ගලයින් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බලන්ගොඩ කස්සප හිමියන්, ත්‍රිකුණාමලය රක්ෂිත බන්ධනාගාරය තුළ දී උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් කරුණු කිහිපයක් මුල්කර ගෙන මෙම උපවාසය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව හිමියන් විසින් පවසන පහත කරුණු මූලික කරගනිමින් මෙම උපවාසය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

  • ත්‍රිකුණාමලය මුහුදු කලාපයේ වෙරළ සංරක්ෂණ කලාපය තුල ඉදිකර ඇති අනවසර අන්‍යාගමික පල්ලි,කෝවිල්වලටත් නීතිය ක්‍රියාත්මක කිරීම,
  • සාම්බල්තිව් කලපුවෙ අනවසර,බලහත්කාරී ,අනීතික අත්පත් කරගැනීම් හා ඉදිකිරීම් වෙනුවෙන් වහා නීතිය ක්‍රියාත්මක කිරීම,
  • කන්දල්කාඩු වන රක්ෂිතය,ගෝමරන්කඩවල ,මොරවැව යන මහා වන රක්ෂිත හෙලි පෙහෙලි කර අන්‍යගමිකයන් විසින් ඉඩම් අල්ලාගෙන කරන නීති විරෝධී ජනපදකරණයට එරෙහිව,
  • නැගෙනහිර සිංහලයන්ට වෙමින් තිබෙන ඓතිහාසික අසාධාරනයට, නීතිමය, භාෂාමය, පරිපාලනමය, සංස්‌කෘතිකමය,
    ජනවාර්ගිකමය කොන් කිරීම්වලට එරෙහිව,
  • 1983 දී නැගෙනහිරෙන් පලවා හැරි සිංහලයන් 97000 ක් දෙනා නැවත නැගෙනහිර බිමේ පදිංචි කරවීමට ආන්ඩුවට බලකිරීම,
  • සම්පූර්ණයෙන් බහුතර සිංහලයන් වෙසෙන පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශයට දමිල ජාතික ප්‍රාදේශීය ලේකම්වරයෙක් පත් කිරීමට එරෙහිව, යන කරුණු පවසමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් මෙම උපවාසය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
21
+1
1
+1
5
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40