කොළඹ සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය කරමින් තිබු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් ඊයේ (14) රාත්‍රි 11.30 ට පමණ දිඹුලාගල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බව මනම්පිටිය පොලිසිය පවසනවා.
වන අලියෙක් මාර්ගය හරහා ගමන් කර ඇති අතර එම වන අලියා බේරීමට රියැදුරු ගත් උත්සාහය නිසා මෙම බස් රථය අනතුරට පත් වූ බව රියදුරු පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරයා පමණක් සිට ඇති අතර අනතුර සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1



