වනිඳු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ඔහුට මෙලෙස හැකියාව ලැබී තිබෙනවා.

මීට පෙර වනිඳු විස්සයි විස්ස පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයේ පසු වුණා.

එමෙන්ම අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයි අතර 09 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද වනිඳුට හැකියාව ලැබී තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර පළමු තැන ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්තී පසුවනවා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය අතර ආසියානු ක්‍රීඩකයින් පස්දෙනෙකු පසුවීම විශේෂත්වයක්.

මේ අතර විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ස්ථානය දෙකක් පහළට ගොස් තිබෙනවා.

ඒ, අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වල ඔහුට හිමිව ඇත්තේ හයවන ස්ථානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?