පාකිස්ථාන හිටපු හමුදා නිලධාරීන් 03ක් ඇතුළු හතකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

පාකිස්ථානයේ ෆෙඩරල් ත්‍රස්ත විරෝධී අධිකරණයක් පසුගිය සතියේ මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය විශ්ලේෂකයින් හත්දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

අධිකරණ තීන්දුවට අනුව, වරදකරුවන් වූවන් අතරට දැනට යූටියුබ්කරුවන් ලෙස කටයුතු කරන හිටපු හමුදා නිලධාරීන් තිදෙනෙකු ද වනවා.

2023 දී හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇති වූ නොසන්සුන්තාවය තුළ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වරදරකරුවන් කරමින් මෙම දඬුවම් පමුණුවා ඇතැයි මාධ්‍ය වාර්තා කළා.

තීන්දුවේ සඳහන් වූයේ ඔවුන් පළ කළ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ත්‍රස්තාවදය පිළිබඳ අර්ථ දැක්වීම යටතට ගැනෙන බවයි.

දඬුවම් නියම කරන ලද මාධ්‍යවේදීන් සහ විචාරකයින් ඉම්රාන් ඛාන් හිතවාදීන් ලෙස හඳුන්වනු ලබන අතර, ඔවුන් පකිස්ථානයේ බලවත් හමුදා සහ සිවිල් සංස්ථාපිතය මෙන්ම වත්මන් සභාග රජය දැඩි ලෙස විවේචනය කරන්නන් බව සඳහන්.

නඩු විභාගය පැවැත්වුණේ මේ වන විට පාකිස්ථානයෙන් පිටත ජීවත්වන ඔවුන්ගේ සහභාගීත්වයකින් තොරවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54
Video thumbnail
නිලධාරින් හා ගම්මු අතර දැඩි උණුසුමක්..සිංහලෙන් කියන්නේ..මෙච්චර කල් හැමෝම කේස් එක වහගෙන..
09:56
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
05:34
Video thumbnail
වින්ච් යන්ත්‍ර නිසා ධීවරයින් දැඩි උණුසුම් වෙයි..අපිම පත් කරගත්ත ආණ්ඩුව මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
05:55
Video thumbnail
කුඹුරට හොරෙන්ම ඇවිත් ඉන්නේ කවුද බලන්නකෝ
00:30


?