මෙරටට ආවේනික කෘමි සතුන්ගේ සාම්පල ළඟ තබාගෙන සිටි විදේශිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මෙරටට ආවේනික වූ කෘමි සතුන්ගේ සාම්පල සන්තකයේ තබාගෙන සිටි ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්ත ස්භාවික මංපෙතට පිවිසෙන ස්ථානයේ දෛනිකව සිදුකරන සංචාරකයින්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී විදෙස් ජාතිකයෙකුගේ ගමන් බෑගයක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී රසායන ද්‍රව්‍ය තුළ බහා තිබූ කෘමි සතුන්ගේ සාම්පල, රසායන ද්‍රව්‍ය හා කුඩා සතුන් අල්ලන උපකරණ කිහිපයක් පෙරේදා (11) දිනයේ සොයාගෙන තිබෙනවා.

ඒ, අනුව සැකකාර විදෙස් ජාතිකයා සහ ඔහු සමඟ පැමිණි කාන්තාව නැවතී සිටි නුවරඑළිය නගරයේ පිහිටි හෝටල් කාමරය පරීක්ෂා කිරීමටයි හෝටන්තැන්න ජාතික උද්‍යානයේ නිලධාරීන් සහ හක්ගල අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

එම පරීක්ෂා කිරීමේ දී කාමරයේ තිබී මෙරටට ආවේණික තවත් කෘමි සතුන්ගේ සාම්පල කිහිපයක් සහ රසායන ද්‍රව්‍ය ද සොයාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

අනතුරුව මෙම සැකකාර ඇමරිකානු ජාතිකයා සහ කාන්තාව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් එම සැකකාර විදේශිකයන් ඊයේ (12) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගෙන, විදේශ ගමන් තහනම් කර ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

වනජීවී භාරයට ගත් කෘමි සාම්පල් 15ක් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත යවා වාර්තාවක් කැදවා එම වාර්තාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු වන එම්.එම්.කේ. මොරතැන්න පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19