වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
සංස්කරණය කරන ලද විකිපීඩියා පිටුවක මෙන් හැඩගස්වා ඇති රූපයක් සමාජ මාධ්‍යයේ පළකරමින් ට්‍රම්ප් මේ බව සඳහන් කරනවා.
එහි ඔහුගේ ධූර කාලය එක්සත් ජනපදයේ 45 වන සහ 47 වන ජනාධිපතිවරයා ලෙස දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් සැබෑ විකිපීඩියා පිටුවේ ට්‍රම්ප් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ලැයිස්තුගත කර නොමැති අතර, කිසිදු ජාත්‍යන්තර ආයතනයක් එම ප්‍රකාශය පිළිගෙන නැහැ.
ට්‍රම්ප්ගේ මෙම සටහන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ එක්සත් ජනපදය විසින් අල්ලාගෙන ඉවත් කිරීමෙන් පසුව සිදුකරන ලද්දක්.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව පසුගිය 03 වනදා අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා.
එහිදී ඇමරිකානු හමුදාව විසින් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අත්අඩංගුවට ගෙන ඇමරිකාවට රැගෙන ගියා.




