චීන විදේශ අමාත්‍යවරයා සහ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්

එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවුණා.

එහිදී අමාත්‍යවරුන් දෙදෙනා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැගීම පිළිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිළිබඳ දැනුම්දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේ අරමුණ වී තිබෙනවා.

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ, දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර සිට අද (12) අලුයම චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා.

අමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද දිවයිනට පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?