ජර්මානු චාන්ස්ලර්වරයා වන ෆ්‍රෙඩ්රික් මර්ස් දෙදින නිල සංචාරයක් සඳහා අද (12) ඉන්දියාවට පැමිණියා.
එම සංචාරය අරඹමින් අද (12) පෙරවරු 10.00ට පමණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමගින් ඉන්දීය අගමැතිවරයාගේ උපන් බිම වන ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් වෙත පැමිණි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම සංචාරයේ දී ජර්මානු චාන්ස්ලර්වරයා සහ අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් 2026 සරුංගල් සැණකෙළිය ද ආරම්භ වුණා.
ඒ, අහමදාබාද් නුවර රිවර්ෆ්‍රොන්ට් උද්‍යානයේ දීයි.
ඊට අමතරව ජර්මානු චාන්ස්ලර්වරයා, සබර්මතී – මහත්මා ගාන්ධි ආශ්‍රමය ද දැකබලා ගැනීමට එක් වුණා.
වෙළෙඳාම, ආයෝජන, තීරණාත්මක තාක්ෂණයන් සහ ආරක්ෂක යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අද අහමදාබාද්හිදී අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර පුළුල් සාකච්ඡා පැවැත්වෙනු ඇති.
ජර්මානු චාන්ස්ලර්වරයාගේ සංචාරය හේතුවෙන් අහමදාබාද් නුවර ආරක්ෂාව තර කර තිබෙන අයුරුත් දක්නට ලැබෙනවා.























