චීන විදේශ කටයුතු ඇමති කෙටි නිල සංචාරයකට දිවයිනට

චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ එක්දින නිල සංචාරයක් සදහා අද (12) අලුයම දිවයිනට පැමිණියා.

විදේශ අමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද පැමිණි බවයි කටුනායක ගුවන්තොටුපොළ දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද (12) අලුයම 01.05 ට දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර සිට චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග් ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව, ඕෂනියාව භාර අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කෙ ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද (12) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?