මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයක දී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්ව තිබීම නිරීක්ෂණය වූ බව පොලිසිය පවසනවා.
මෙය යථාවත් කරගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනිමට කටයුතු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාස සඳහන් කළේ.
කෙසේ වෙතත් ඒ අතරතුරදී වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලිතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම්වරයා විසින් පෙරේදා (09) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම පැමිණිල්ලට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මට්ටමින් ද අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.














