සිරියාව තුළ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත එක්සත් ජනපදය සහ එහි හවුල්කාර හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 13 වන දින සිරියාවේ එක්සත් ජනපද හමුදා වෙත IS ත්‍රස්තයින් විසින් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඊයේ (10) මෙම ප්‍රහාරය එල්ල කළ බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා නිවේදනය කළේ.
මෙම ගුවන් ප්‍රහාර එක්සත් ජනපදය වේලාවෙන් ඊයේ (10) දහවල් 12.30ට පමණ සිදුකර ඇති බව වාර්තා වන්නේ.
එක්සත් ජනපදය සහ එහි හවුල්කාර හමුදා ගුවන් යානා 20 කට වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
එහිදී ඉලක්ක 35 කට වැඩි සංඛ්‍යාවකට ප්‍රහාර දියත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
‘ඔපරේෂන් හෝක්අයි’ ලෙස නම් කළ පළමු ප්‍රතිප්‍රහාරය පසුගිය දෙසැම්බර් 19 වන දින එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්ව ක්‍රියාත්මක කර තිබුණා.
සිරියාවේ මධ්‍යයේ පිහිටි පැල්මයිරා හි සැඟවී සිටිමින් IS තුවක්කුකරුවෙකු ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු සහ එක්සත් ජනපද සිවිල් පරිවර්තකයෙකු මරා දැමීමෙන් පසු ට්‍රම්ප් පරිපාලනය ප්‍රථම වරට හෝක්අයි ප්‍රහාරය නිවේදනය කරනු ලැබුවා.














