තමීම් ඉක්බාල් සමඟ බංග්ලාදේශ ටෙස්ට් නායකයාත් සිටගනී – බංග්ලාදේශ ඉල්ලීමට තවමත් ප්‍රතිචාරයක් නැහැ

ලබන මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට තම කණ්ඩායමේ සහභාගීත්වය වටා ඇති අවිනිශ්චිතතාවය ක්‍රීඩකයින්ගේ මානසික යහපැවැත්මට බලපාන බව බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ පවසනවා.

වත්මන් අවුල් සහගත තත්ත්වය විසඳීම සඳහා සංයමයෙන් හා ප්‍රායෝගික ප්‍රවේශයක් සඳහා හිටපු බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තමිම් ඉක්බාල් ඉල්ලා සිටීමෙන් පසු තමීම් ඉක්බාල් ඉන්දියාවේ නියෝජිතයෙකු ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ෂැන්ටෝ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ එම්. නජ්මුල් ඉස්ලාම්ට ද දෝෂාරෝපණය එල්ලකර තිබෙනවා.

ෂැන්ටෝ පවසනේ හිටපු නායකයෙක් සහ බංග්ලාදේශ ක්‍රිකට් ගොඩනැගීමට දායක වූ ක්‍රීඩකයෙක් පිළිබඳව එවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම ඉතා කණගාටුදායක බවයි.

යමෙකු හිටපු නායකයෙකු වුවත්, සාමාන්‍ය ක්‍රීඩකයෙකු වුවත්, සාර්ථක වුවත් නැතත් අවසානයේ දී ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෞරවය බලාපොරොත්තුවන බවත්, එවැනි තත්ත්වයක් තුළ බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධානියාගේ මෙම ප්‍රකාශය දැඩිව හෙළාදකින බවයි නජ්මුල් හොසේන් ෂැන්ටෝ පවසන්නේ.

ආරක්ෂක ගැටළු හේතුවෙන් එළඹෙන 20-20 ලෝක කුසලානයේ බංග්ලාදේශ කණ්ඩායමේ තරඟ ඉන්දියාවෙන් පිටතට ගෙන යන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.සී.සීයෙන් ඉල්ලා සිටීමෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මතුව පවතිනවා.

20-20 ලෝක කුසලානය පෙබරවාරි 07 වන දින ආරම්භ වන අතර බංග්ලාදේශය මුලික වටයේ ඉන්දියාවේ තරඟ හතරක් සඳහා කොල්කටාහි දී සහ මුම්බායිහිදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීම හමුවේ ලෝක කුසලානය සඳහා ඉන්දියාවට පැමිණීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් බංග්ලාදේශය අයි.සී.සීයෙන් සිදුකළ ඉල්ලීමට තවමත් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, ඊට යහපත් ආකාරයේ ප්‍රතිචාරයක් බංග්ලාදේශ කණ්ඩායමට හිමිවුවහොත් තරගාවලියේ තරග සැලැස්ම වෙනස්කර නව තරග කාල සටහනක් සැකසීමට අයි.සී.සීයට සිදුවනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36