ආපදා නිසා දේපල අහිමි වූ ජනතාවට මාවීකන්දේ රතනපාල හිමිගෙන් පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව නඟාසිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සියඹලාපිටිය, යට්ටෝගොඩ, යටහලෙන රජමහා විහාරාධිපති, සාම විනිසුරු, ජාතික මානව හිමිකම් අධ්‍යක්ෂක, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිපාණන් වහන්සේ විසින් ඉඩම් පරිත්‍යාගයක් සිදුකරනු ලැබුවා.

මේ අනුව උන්වහන්සේට අයත් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලාපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර දහයක පෞද්ගලික ඉඩම් කොටසක් මෙලෙස පරිත්‍යාග කළ අතර, අදාළ ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ඊයේ (07) පස්වරුවේ භාර දෙනු දී තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙන බවත්, ඒ අනුව ඉඩම් පරිත්‍යාග කිරීමට කැමති අයට අවශ්‍ය තොරතුරු www.rebuldingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කළා.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
00:00
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37
Video thumbnail
සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු බලන්න දෙහිවල පොලීසියට ආ සජිත්..තොරතුරු මුද්‍රණය කිරීමද වරද ?
06:15
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් නිසා චමින්ද පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය මුලසුනට අගෞරව කළේ
02:21
Video thumbnail
මරික්කාර් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..ඔයාලා ආවට පස්සේ ජාවාරම දිගින් දිගට වෙනවා
04:19
Video thumbnail
තලපති විජේගේ ජයග්‍රහණය පුස්සල්ලාවේ ජයටම සමරපු හැටි..මිනිස්සු එකතුවෙලා කේක් කපයි
02:56
Video thumbnail
කාලගුණය උඩි යටිකුරු වෙයි..මෙන්න නොසිතූ වෙනසක්..වායුගෝලයේ කැලඹෙන ස්වාභාවයක්?
02:46
Video thumbnail
නාමල් කරන්නෙත් පවුල් දේශපාලනයක්ද ?..ජාතික දේශපාලනයේ වෙනස නාමල් පෙන්නනවා
07:11