ආපදා නිසා දේපල අහිමි වූ ජනතාවට මාවීකන්දේ රතනපාල හිමිගෙන් පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව නඟාසිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සියඹලාපිටිය, යට්ටෝගොඩ, යටහලෙන රජමහා විහාරාධිපති, සාම විනිසුරු, ජාතික මානව හිමිකම් අධ්‍යක්ෂක, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිපාණන් වහන්සේ විසින් ඉඩම් පරිත්‍යාගයක් සිදුකරනු ලැබුවා.

මේ අනුව උන්වහන්සේට අයත් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලාපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර දහයක පෞද්ගලික ඉඩම් කොටසක් මෙලෙස පරිත්‍යාග කළ අතර, අදාළ ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ඊයේ (07) පස්වරුවේ භාර දෙනු දී තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙන බවත්, ඒ අනුව ඉඩම් පරිත්‍යාග කිරීමට කැමති අයට අවශ්‍ය තොරතුරු www.rebuldingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කළා.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් ජනතාව බලාගන්න පාලකයන් මැදිහත් වුණේ නෑ..අපි ඒක කරමින් ඉන්නේ
15:20
Video thumbnail
"අනුර ජනාධිපති සහෝදරයට ස්තූතියි.."ගිනි අවි නඩුවට ඇතුළට ගිය හිටපු අමාත්‍ය ඩග්ලස්ට ඇප..
01:46
Video thumbnail
තාජුඩීන් ඝා#නයේ වෙ#ඩි සුවඳ මට දැන් දැණුනා
03:05
Video thumbnail
රාජ්‍ය ලාංඡනයේ ධර්මචක්‍ර‍යත් වෙනස් කරලා - බුද්ධාගම විකෘති කරන්න හදන්නේ
10:39
Video thumbnail
චාමර සම්පත් හොඳම එකෙන් කියයි..ලාල් හොඳයි අඩියක් ග#ලා චූන් එකේ ඉන්න.."චණ්ඩියා කියලා හැමෝම කියන්නේ "
06:18
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ යකා නටයි - අපරාදේ සල්ලි
01:56
Video thumbnail
අජිත් නැගිටිලා බිමල් එක්ක ගේම ඉල්ලයි
01:42
Video thumbnail
කවුද මට මේ රෙද්ද ඇන්දුවේ.. නාමල්ගේ කතාවෙන් හැමෝටම හිනා
07:08
Video thumbnail
හදුන්නෙත්තිගේ රතු කට්ට පනියි "ඒවා ගිහින් විපක්ෂයෙන්ම අහගන්න"
02:56
Video thumbnail
හරිනිව බේරාගන්න කවුරුත් නෑ.. දුකේ බෑ
08:34


?