කෝටි දෙසීයක මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ ධීවරයින් යළි රිමාන්ඩ්

රුපියල් කෝටි දෙසීයක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 21ක් සහ අයිස් කිලෝග්‍රෑම් 172 ක මත්ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් ධිවරයන් පස් දෙනා ලබන 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(6) නියෝග කළා.

සිද්ධියට අදාල මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බී වර්තාවක් ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

හෙරොයින් කිලෝග්‍රෑම් 21ක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් පස් දෙනාට මත්ද්‍රව්‍ය තොගය ලබා දුන්නේ යැයි කියන ඩුබායිහි සැඟව සිටින අකිල සෙහාන් නමැති සහ ගන්දර පදිංචි සපුන් ටෙලාන් නමැති පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කර ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දින හතක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කළ නවෝත්, පුබුදු ,අදීශ ,ලක්ෂිත අවිශ්ක සහ සත්සර සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

මත්ද්‍රව්‍ය ආනයනය කිරීම ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09වනදා මුහුදු ගිය සැකකරුවන් පස් දෙනා පොරඋර 11ක බහාලු මත්ද්‍රව්‍ය තොගය සමඟ පසුගිය 23 දින දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව පැවසූ පොලිසිය සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඩුබායි රටේ සැඟව සිටින පුද්ගලයා ගැන හා ගන්දර ප්‍රදේශයේ සැකකරු ගැන තොරතුරු අනාවරණය වූ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25