අල්ලස් කොමිසමේ නිලධාරියෙක් ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සැකසූ සැකකරුට ඇප

අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලේඛන සකස් කළ බව කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (6) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුට ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරියකු ,බන්ධනාගාරයේ සහකාර නිලධාරියකු සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීවරයෙකු ලෙස ව්‍යාජව හැඳුනුම්පත් සාදාගෙන පුද්ගලයන් රවටා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු සලකා බැලීමෙන් අනතුරු අධිකරණය මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු සහ බන්ධනාගාරයේ සහකාර නිලධාරීයකු බව හඟවන ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කර ඇති බවයි.

සිද්ධියට අදාලව මෙම සැකකරු සම්බන්ධයෙන් තවත් විමර්ශන සිදුකිරීමට පවතින බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරු 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

පානදුර, ගොරක පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025,12.03 වන දින ප.ව.6.58 ට පමණ පානදුර නගරයේ බස් නැවතුම්පල ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව 76 වසරක් මේ ගෝත්‍රිකයන්ට බලය දෙන්න හිතුවේ නෑ.. ආනන්ද පාලිත ලෙසටම ෆයර් වෙයි
06:49
Video thumbnail
එකම අසුනක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ එජාපයට.. දේව කෝපය දැන් ශ්‍රී ලංකාවට සිදුවෙන්නේ
06:49
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54
Video thumbnail
මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සොයාගන්න විශේෂ පරීක්ෂණයක්
03:14
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආණ්ඩුවට පාඩමක් - අපිත් ලොකු ටෝක් දැම්මනේ
10:11
Video thumbnail
කාලගුණය ගැන අනතුරු අඟවයි - පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙන ලකුණු
01:56
Video thumbnail
ලේකම්තුමියට ප#හරදුන් බව කියූ මතුගම සභාපති අධිකරණයට
02:15
Video thumbnail
පොහොට්ටු ආණ්ඩුවක් හදනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා
10:10


?