3200ක අල්ලසක් ගත් පොලිස් සැරයන් යළි රිමාන්ඩ්

යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තිබූ රථවාහන නඩුවකට අදාලව නීති මඟින් ඉදිරි කටයුතු සිදුනොකර පොලීසිය භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයකු ලබන 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(6) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පසුගිය ඔක්තෝම්බර් මස 19 වනදා සිය යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තමන්ගේ රියදුරු බලපත්‍රය පොලීසිය භාරයට ගත් බවත් නීති මගින් ක්‍රියා නොකර සිය රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට නම් රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබා දෙන ලෙසට පොලිස් සැරයන්වරයෙකු ඉල්ලා සිටින බවටත් ඒත්තාල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ බවද අල්ලස් කොමිස අධිකරණයට දැන්වුවා.

සැකකාර පොලිස් සැරයන්වරයා පළමුවෙන් රුපියල් 2,200ක් ඉල්ලා පසුව ඉකුත් (17) දිනයේ තවත් රුපියල් 1, 000ක මුදලක් වැඩිපුර ඉල්ලා ඇති බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.

අදාල සැකකාර පොලිස් සැරයන්වරයා හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන (වැඩ බලන ස්ථානාධිපති රථවාහන) පොලිස් සැරයන්වරයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54
Video thumbnail
මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සොයාගන්න විශේෂ පරීක්ෂණයක්
03:14
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආණ්ඩුවට පාඩමක් - අපිත් ලොකු ටෝක් දැම්මනේ
10:11
Video thumbnail
කාලගුණය ගැන අනතුරු අඟවයි - පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙන ලකුණු
01:56
Video thumbnail
ලේකම්තුමියට ප#හරදුන් බව කියූ මතුගම සභාපති අධිකරණයට
02:15
Video thumbnail
පොහොට්ටු ආණ්ඩුවක් හදනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා
10:10
Video thumbnail
ඔයා මට අණ කරන්න එපා - අර්චුනා කථානායක එක්ක පැටලෙයි
01:59
Video thumbnail
සජිත්ට කතාකරන්න දුන්නේ නෑ කියලා ලොකු වලියක්
08:24


?