3200ක අල්ලසක් ගත් පොලිස් සැරයන් යළි රිමාන්ඩ්

යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තිබූ රථවාහන නඩුවකට අදාලව නීති මඟින් ඉදිරි කටයුතු සිදුනොකර පොලීසිය භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයකු ලබන 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(6) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පසුගිය ඔක්තෝම්බර් මස 19 වනදා සිය යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තමන්ගේ රියදුරු බලපත්‍රය පොලීසිය භාරයට ගත් බවත් නීති මගින් ක්‍රියා නොකර සිය රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට නම් රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබා දෙන ලෙසට පොලිස් සැරයන්වරයෙකු ඉල්ලා සිටින බවටත් ඒත්තාල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ බවද අල්ලස් කොමිස අධිකරණයට දැන්වුවා.

සැකකාර පොලිස් සැරයන්වරයා පළමුවෙන් රුපියල් 2,200ක් ඉල්ලා පසුව ඉකුත් (17) දිනයේ තවත් රුපියල් 1, 000ක මුදලක් වැඩිපුර ඉල්ලා ඇති බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.

අදාල සැකකාර පොලිස් සැරයන්වරයා හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන (වැඩ බලන ස්ථානාධිපති රථවාහන) පොලිස් සැරයන්වරයෙකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15