අවුරුදු 14ක ළමයෙක් පහර දී ඝාතනය කරලා – ළමයාගේ පියා සැකපිට අල්ලයි

නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි ළමයෙකුට පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (02) රාත්‍රී කාලයේ ළමයෙකුට පහර දෙන බවට නූරිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා.

එම අවස්ථාවේ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයෙකු නිවස අසල වැටී සිටියදී නිලධාරීන් විසින් ළමයා නූරිය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගත කළ ළමයා රෝහල් ගතකරන විටත් මියගොස් ඇති බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක පිරිමි ළමයෙක්.

මෙම ළමයාගේ මරණය සැකකටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණයට සැකපිට ළමයාගේ පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, නූරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?