නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම සලකා බැලීම අද

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (28) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (28) දිනයේදී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (27) දිනයේදී නියෝග කළා.

එමෙන්ම ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම සලකා බැලීම අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරෙනවා.