ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්රදේශයේදී පසුගිය 20 වැනිදා ගිනි අවියකින් වෙඩිතබා අවන්හල් හිමිකරුවෙකු ඝාතනය කර කාන්තාවකට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පලාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දීම හා කුමණ්ත්රනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (27) වන දින ගල්කිස්ස හා කහතුඩුව පොලිස් වසම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 28 හා 36 වයස්වල පසුවන කහතුඩුව හා රත්මලාන ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
