ජනපති නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කතාබහක නිරත වුණා.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වුණා.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද කරනු ලැබුවා.

ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ ද බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා තිබෙනවා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත වුණා.

උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අස්ගිරි මහා නා හිමියෝ ජනතාවට වඩා යහපත්, රටක් ගොඩනගා දීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ නව වසරේ නව ජවයකින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කළා.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත වුණා.

පසුගිය වසරේ සිදුවූ ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයේ අභියෝගයට මුහුණදීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු ප්‍රමුඛ අනු නායක හිමිවරු දැනුවත් කළ අතර එම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට උන්වහන්සේලා සිය ආශිර්වාදය පළ කළා.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27