උතුර සහ නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයකට අදත් වැසි

උතුර, නැගෙනහිර, ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් පස්වරු 02.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කලගුණ වොද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

තවද මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් තත්ත්වයක් ද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?