ආපදා මරණ සංඛ්‍යාව ඉහළට

ප්‍රදේශ රැසකට පැවති දැඩි වර්ෂාපතන තත්වයත් සමග ආපදා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

සිදුවූ අනතුරු හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 245212ක්.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ කැළණි, කළු, නිල්වලා සහ මහවැලි මෙන්ම මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් පහළ බසිමින් පවතින බවයි.

කෙසේ නමුත් ගිං ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්වයක් වාර්තාවනවා.

ඊයේ දිනයේදී කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබූ අතර, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මධුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කළුගං නිම්නයේ පහත් බිම්වල ජලගැලීම් වාර්තාවුණා.

අත්තනගලු ඔය ද්‍රෝනියේ මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වය ඊයේ සන්ධ්‍යාව වනතුරු පැවති බව සඳහන්.

එමෙන්ම, බියගම – කඩුවෙල මාර්ගය, වත්තල සහ ජා-ඇල පහත් බිම් ජලයෙන් යටව තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ අතුරුමාර්ග සහ නිවාස රැසක් පසුගිය 3 වනදා සිට ජලයෙන් යටවී තිබූ බව වාර්තා වුණා.

මහඔය ද්‍රෝණියේ ජල ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබුණා.

එමෙන්ම, කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය, මාතලේ, මහනුවර, කළුතර, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාමේ අවදානම අද පස්වරු 5.30 දක්වා තවදුරටත් දීර්ඝ කෙරුණා.    

මේ අතර, ජලාශ කිහිපයක් වාන්දොරටු තවමත් විවෘත කර තිබෙනවා.

එසේම අයහපත් කිලගුණ තත්ත්වය නිසා ඊයේ පස්වරුව වනවිට පාරිභෝගිකයන් 103,000කට පමණ විදුලි බලය ඇණහිට තිබුණා.

විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට ඉන් බොහෝ පිරිසකට විදුලි සැපයුම ලබාදී ඇති බවයි. මේ අතර, නිරිතදිග මෝසම සක්‍රියව පැවතුනද වැසි තත්වයේ  අඩුවීමක් අද සිට දැකිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?