ආපදා මරණ සංඛ්‍යාව ඉහළට

ප්‍රදේශ රැසකට පැවති දැඩි වර්ෂාපතන තත්වයත් සමග ආපදා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

සිදුවූ අනතුරු හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 245212ක්.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ කැළණි, කළු, නිල්වලා සහ මහවැලි මෙන්ම මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් පහළ බසිමින් පවතින බවයි.

කෙසේ නමුත් ගිං ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්වයක් වාර්තාවනවා.

ඊයේ දිනයේදී කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබූ අතර, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මධුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කළුගං නිම්නයේ පහත් බිම්වල ජලගැලීම් වාර්තාවුණා.

අත්තනගලු ඔය ද්‍රෝනියේ මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වය ඊයේ සන්ධ්‍යාව වනතුරු පැවති බව සඳහන්.

එමෙන්ම, බියගම – කඩුවෙල මාර්ගය, වත්තල සහ ජා-ඇල පහත් බිම් ජලයෙන් යටව තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ අතුරුමාර්ග සහ නිවාස රැසක් පසුගිය 3 වනදා සිට ජලයෙන් යටවී තිබූ බව වාර්තා වුණා.

මහඔය ද්‍රෝණියේ ජල ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබුණා.

එමෙන්ම, කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය, මාතලේ, මහනුවර, කළුතර, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාමේ අවදානම අද පස්වරු 5.30 දක්වා තවදුරටත් දීර්ඝ කෙරුණා.    

මේ අතර, ජලාශ කිහිපයක් වාන්දොරටු තවමත් විවෘත කර තිබෙනවා.

එසේම අයහපත් කිලගුණ තත්ත්වය නිසා ඊයේ පස්වරුව වනවිට පාරිභෝගිකයන් 103,000කට පමණ විදුලි බලය ඇණහිට තිබුණා.

විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට ඉන් බොහෝ පිරිසකට විදුලි සැපයුම ලබාදී ඇති බවයි. මේ අතර, නිරිතදිග මෝසම සක්‍රියව පැවතුනද වැසි තත්වයේ  අඩුවීමක් අද සිට දැකිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39