අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වළකට වැටී දරුවෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (20) පෙරවරුවේ මෙම අවාසනවන්ත සිද්ධිය සිදුව ඇති බවයි.
වතුර වළට වැටී අනතුරට පත් දරුවා අරලගංවිල රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල, කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචි සිටි වයස අවුරුදු 02ක දරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
2
+1




