කොරියානු ජාතිකයාට ගුටිබැට සංග්‍රහයක් දුන් පුද්ගලයා අත්අඩංගුවට

කොරියාණු ජාතිකයෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙක්ව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

වෙන්නප්පුව, වැව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන මෙම සැකකරු ඊයේ (17) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමට ලක්ව ඇති කොරියාණු ජාතික කිම් සිං හ්යොං (අවූ:27) යන අය ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස පහර කැමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව, චාල්ස් විලියම් මාවතේ තාවකාලිකව පදිංචිව සිටිමින් ඒ ආසන්නයේ ඇති දේවස්ථනයක ඉගැන්වීම් කටයුතු සිදුකළ කොරියනූ ජාතිකයෙක්.

ඉකුත් 16 වැනිදා එම දේවස්ථානයේ පැවති දේව මෙහෙයකට සැකකරු අනවසරයෙන් සහභාගි වී ඇති අතර එම අවස්ථාවේදී දේවස්ථානයේ පාලිකාවක් බව කියන කොරියාණු ජාතික කාන්තාවකට බැන වැදී සැකකරු එම කාන්තාව සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

පසුව 17 වැනිදා එම පාලිකාව සහ පහර කෑමට ලක්ව ඇති කොරියාණු ජාතිකයා දේවස්ථානයට අවශ්‍ය පුටු මිලදී ගැනීම සදහා වෙන්නප්පුව නගරයට ගොස් ඇති අතර පෙර දිනයේ දේවස්ථානය තුළදී සිදුවූ සිද්ධිය මුල් කර ගෙන සැකකරු කොරියන් ජාතිකයින් සමග ආරවුලක් ඇති කර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහර දීම සිදුවී ඇත්තේ ඉන් පසුවයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:00
Video thumbnail
චරිත් අබේසිංහ, විජයදාසගේ පුත් අධිකරණය වෙත රැගෙන ගිය හැටි - ගැම්මට ඇවිත් ජිප් එකට නගින්නේ
01:40
Video thumbnail
මේ ආණ්ඩුව අපිව හතුරෙක් විදිහට දකින්නේ - නාමල් කියයි
09:57
Video thumbnail
"මට තේරෙන්නේ නෑ මේක - සිල්ලර කතා" ඇඟිල්ල පාට කිරීම ගැන දිලිත් හිනාවෙවී දුන්න සැර උත්තරය
03:09
Video thumbnail
චරිත් අබේසිංහගේ සිද්ධියට ප්‍රසාද් සිරිවර්ධනත් සම්බන්ධයි ද..?
07:40
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
කොන්දක් තියෙන පොලිස් මහත්මයෙක් - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41