උදව්වට ආ ඇමරිකා, ඉන්දියා සහ එක්සත් අරාබි සහන සේවා කණ්ඩායම්වලින් කොටසක් දිවයිනෙන් පිටත්ව යයි

“දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භට කණ්ඩායමේ කොටසක් මෙහෙයුම් අවසන්කර අබුඩාබි නුවර වෙත වෙත අද (14) පස්වරුවේ පිටත්ව ගියා.

එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්, මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට රැගෙන ආ උපකරණ සහ රථවාහනවලින් කොටසක් ද මෙම පිරිස දිවයිනෙන් රැගෙන ගොස් තිබෙනවා.

මේ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී – 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි තොටුපොළ දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

එම ගුවන් යානය අද (14) දින පස්වරු 03.45 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

“දිට්වා” සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව ආපදාවට පත්වූ අවස්ථාවේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මුදාගැනීමේ කණ්ඩායම් සහ ආධාර විශාල තොගයක් මෙරටට එවීමට කටයුතු කර තිබුණා.

මේ අතර රටට බලපෑ අපදා තත්වය හමුවේ සහන කටයුතුවලට සහායවීම සඳහා ගුවන් මෙහෙයුම්, මුදවා ගැනිමේ මෙහෙයුම් හා සහන සේවා කටයුතු සඳහා පැමිණි ඇමෙරිකානු ගුවන් හමුදාවේ C-130 ගුවන් යානයක් සහ ඉන්දීය ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව ගියා.

ඇමෙරිකානු ගුවන් හමුදාවේ C-130 ගුවන් යානය සමඟ මෙරටට පැමිණ සිටි එරට සහන සේවා කණ්ඩායමක් ද අද (14) දිනයේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30