ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිබඳව සහාය දෙන බව කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශය කරන සියලු ඉල්ලීම්වලට නිබඳව සහාය දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජි රාඕ පාණ්ඩව් පවසනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී හමුවූ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයා මේ බව සඳහන් කළා.

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ජල ගැලීම් තත්ත්වය නිසා හානියට පත් වූ හලාවත දිස්ත්‍රික් මහ රෝහල, නුවරඑලිය මහ රෝහල සහ මහියංගනය මූලික රෝහලේ සෞඛ්‍ය සේවාවන් අදියරෙන් අදියර යථාවත් කිරීම පිළිබදවත්, ඊට අවශ්‍යවන සහයෝගය ලබාගැනීමත් අරමුණු කරගනිමින් මෙම හමුව පැවැත් වුණා.

හලාවත සහ නුවරඑළිය මහ රෝහල් දෙක මෙන්ම මහියංගනය මූලික රෝහල ජල ගැලීම සහ නාය යාම යන හේතුවලින් දැඩි හානියට පත්වූ බවත්, එම රෝහල්වල වෛද්‍ය උපකරණවලට ද ඒ හේතුවෙන් හානි වී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයාට පවසා සිටියා.

එම රෝහල්වල සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අපිරිමිත කැපවීමෙන් මේ වන විට අදියරෙන් අදියර එම රෝහල්වල ප්‍රතිකාර සේවාවන් යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37