ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිබඳව සහාය දෙන බව කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශය කරන සියලු ඉල්ලීම්වලට නිබඳව සහාය දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජි රාඕ පාණ්ඩව් පවසනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී හමුවූ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයා මේ බව සඳහන් කළා.

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ජල ගැලීම් තත්ත්වය නිසා හානියට පත් වූ හලාවත දිස්ත්‍රික් මහ රෝහල, නුවරඑලිය මහ රෝහල සහ මහියංගනය මූලික රෝහලේ සෞඛ්‍ය සේවාවන් අදියරෙන් අදියර යථාවත් කිරීම පිළිබදවත්, ඊට අවශ්‍යවන සහයෝගය ලබාගැනීමත් අරමුණු කරගනිමින් මෙම හමුව පැවැත් වුණා.

හලාවත සහ නුවරඑළිය මහ රෝහල් දෙක මෙන්ම මහියංගනය මූලික රෝහල ජල ගැලීම සහ නාය යාම යන හේතුවලින් දැඩි හානියට පත්වූ බවත්, එම රෝහල්වල වෛද්‍ය උපකරණවලට ද ඒ හේතුවෙන් හානි වී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයාට පවසා සිටියා.

එම රෝහල්වල සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අපිරිමිත කැපවීමෙන් මේ වන විට අදියරෙන් අදියර එම රෝහල්වල ප්‍රතිකාර සේවාවන් යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00