නාවලපිටිය – මහනුවර මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා

නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල් බෝක්කුව අසළ නායයෑමෙන් විනාශයට පත් වූ මාර්ගය තවමත් ප්‍රතිසංසකරණය කර භාවිත කළ නොහැකි මට්ටමේ පවතිනවා.

ඒ අනුව එම මාර්ගය වෙනුවට සකස් කරන තාවකාලික මාර්ගයේ වැඩකටයුතු මේ වන විට අවසන් අධියරේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. 

මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය සහ පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය සභා සේවකයින් දිවා රාත්‍රී සේවය සපයමින්  මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පවතිනවා.

මාර්ගයට ඉහළින් කොටස නායයෑමේ අවදානමක් සහිත නිසා එසේ හදිසි නායාමක් සිදු වුවහොත් මාර්ගයේ ගමන් කරන රථවාහනවලට අනතුරක් නොවන ආකාරයේ සුවිශේෂී සැකැස්මකට අනුව මෙම තාවකාලක මාර්ගය සැකසෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කර සිටියේ. 

කෙසේ වෙතත් ලබන සඳුදා (15) වන විට මාර්ගය ගමනාගමනයට සුදුසු මට්ටමින් සකසා ගැනීමට උපරිම උත්සාහ දරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?