නාවලපිටිය – මහනුවර මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා

නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල් බෝක්කුව අසළ නායයෑමෙන් විනාශයට පත් වූ මාර්ගය තවමත් ප්‍රතිසංසකරණය කර භාවිත කළ නොහැකි මට්ටමේ පවතිනවා.

ඒ අනුව එම මාර්ගය වෙනුවට සකස් කරන තාවකාලික මාර්ගයේ වැඩකටයුතු මේ වන විට අවසන් අධියරේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. 

මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය සහ පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය සභා සේවකයින් දිවා රාත්‍රී සේවය සපයමින්  මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පවතිනවා.

මාර්ගයට ඉහළින් කොටස නායයෑමේ අවදානමක් සහිත නිසා එසේ හදිසි නායාමක් සිදු වුවහොත් මාර්ගයේ ගමන් කරන රථවාහනවලට අනතුරක් නොවන ආකාරයේ සුවිශේෂී සැකැස්මකට අනුව මෙම තාවකාලක මාර්ගය සැකසෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කර සිටියේ. 

කෙසේ වෙතත් ලබන සඳුදා (15) වන විට මාර්ගය ගමනාගමනයට සුදුසු මට්ටමින් සකසා ගැනීමට උපරිම උත්සාහ දරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15