මත්ද්‍රව්‍ය ගැටලුවකට මහින්ද රාජපක්ෂ අත දැමූ හැටි ඇමති වසන්ත හෙළිකරයි

රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් සඳහා වන දිවයිනේ පළමු අතරමැදි පූර්ව ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (12) මිහින්තලය සිවිල් ආරක්ෂක පුහුණු පාසලේදී ආරම්භ වී තිබෙනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ මෙම පුනරුත්ථාපන අතරමැදි මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවා.

අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයේන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර මෙම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂක ශාන්ත ගමගේ සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගැටුම්වලටද රජය මැදිහත් වුණු බවත්, ග්‍රෑම් ගණනින් හමුවූ මත්ද්‍රව්‍ය අද කිලෝ ගණනින් හමුවන බවත් මෙය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ප්‍රධානම ඉලක්කය බවයි.

”මීගමුවේ නිමල් ලංසලයි ගෙදරට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හෙල්කොප්ටර්යෙන් යන්නේ නිකන් නෙවෙයි. ඒ කුඩු පාතාලේ ප්‍රශ්නයක් බේරන්න, ඒකතමයි අපේ රට තිබිච්ච තැන. බෝට්ටුවෙන් අරන් එන බඩු ටික, වෙන කෙනෙකුට ආපුවා ලංසාගේ කට්ටිය පැහැර ගන්නවා. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය මන්ත්‍රීවරයෙක් හිටපු කෙනෙක්, මේ ක්‍රියාවලියේ කොටස්කරුවන්.”යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

  1. මහින්ද ගේ මයිලක් හෝ අත්අඩංගුවට ගැනීමට පම්පෝරි පාලනය ට නොහැක. ඒ මහින්ද ලා නිවැරදි නිසා මහින්ද රාජපක්ෂ මෙහෙවන පාස්කු බෝම්බ ඉරාන පලස්තීන isis අන්තවාදී ත්‍රස්තවාදය විසින් ජනතාව අලුත්ම විදියට රවටා මොවුන් බලයට පත් කර බෞද්ධ ලංකාව අන්තවාදී ත්‍රස්තවාදී මුස්ලිම්කරණය කීරීමේ කුමන්ත්‍රණය දිගටම ක්‍රියාත්මක කර ගෙන යන නිසාය. අසරණ සිංහල හා දමිල ජනතාව මුන් ගේ ” චුන් ටෝක් ” වල රැවටීම ට සලස්වා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36