රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් සඳහා වන දිවයිනේ පළමු අතරමැදි පූර්ව ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (12) මිහින්තලය සිවිල් ආරක්ෂක පුහුණු පාසලේදී ආරම්භ වී තිබෙනවා.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ මෙම පුනරුත්ථාපන අතරමැදි මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවා.
අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයේන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර මෙම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂක ශාන්ත ගමගේ සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගැටුම්වලටද රජය මැදිහත් වුණු බවත්, ග්‍රෑම් ගණනින් හමුවූ මත්ද්‍රව්‍ය අද කිලෝ ගණනින් හමුවන බවත් මෙය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ප්‍රධානම ඉලක්කය බවයි.
”මීගමුවේ නිමල් ලංසලයි ගෙදරට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හෙල්කොප්ටර්යෙන් යන්නේ නිකන් නෙවෙයි. ඒ කුඩු පාතාලේ ප්‍රශ්නයක් බේරන්න, ඒකතමයි අපේ රට තිබිච්ච තැන. බෝට්ටුවෙන් අරන් එන බඩු ටික, වෙන කෙනෙකුට ආපුවා ලංසාගේ කට්ටිය පැහැර ගන්නවා. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය මන්ත්‍රීවරයෙක් හිටපු කෙනෙක්, මේ ක්‍රියාවලියේ කොටස්කරුවන්.”යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.















