රුසියාවේ පැවති 2025 – පොදු රාජ්‍ය මණ්ඩලීය සූමෝ තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා සූමෝ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිව් දෙනා විසින් ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබෙනවා.
මෙම තරගාවලිය ඉකුත් 06 වැනිදා සිට අද (10) දින දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සූමෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් රුසියාවේ මොස්කව් නුවර පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා කණ්ඩායම එම තරගාවලියේ කාන්තා විවෘත අංශයෙන් තරග කර මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීම විශේෂත්වයක්.
ඔවුන් අද (10) උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් මෙන්ම ශ්‍රී ලංකා සූමෝ ෆෙඩරේෂනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා .














තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරු මහත්මියන් හා ක්‍රීඩිකාවන් තිදෙනෙක් සමග ඉදිරිපත් වී ලද ජයග්‍රහණය ට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ, සිසු දරුවන්ගේ දෙමාපියන් ගේ , අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා දෙමාපියන්ගේ උණුසුම් ශුභ පැතුම්!!!!!