ATM හොරෙක් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි

මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.

පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත පැමිණ තමා, 2025.08.19 වන දින කළුතර නගරයේ පිහිටි බැංකුවක ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීම සඳහා පැමිණි බවත්, එහි සිටි තමා නොහඳුනන පුද්ගලයෙකුගෙන් සහාය ලබා ගත් බවත්, එම අවස්ථාවේදී එම පුද්ගලයාට තමාගේ ATM කාඩ්පත හා මුරපදය ලබා දුන් බවටත් එහිදී එම අය විසින් වෙනත් ATM කාඩ්පතක් තමාට ලබා දී පිටව ගොස් පසුව, තමාගේ ATM කාඩ්පත භාවිත කරමින් රුපියල් ලක්ෂ 02 ක මුදලක් ලබා ගෙන ඇති බවටත් පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සැකකරු මීට පෙරත් මේ ආකාරයෙන්ම මුදල් වංචා සිදුකිරීම සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානය හා වාද්දුව පොලිස් ස්ථානයට මෙවැනි පැමිණිලි 04 ක් වාර්තා වී ඇති අතර, මෙම සැකකරු දිවයිනේ විවිධ ස්ථානවලට ගමන් කරමින් නිරන්තරයෙන් මෙවැනි වංචා රැසක් සිදුකරන අයෙකු බවයි දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක – කළුතර දකුණ – 071-8591691
ස්ථානාධිපති අපරාධ අංශය කළුතර දකුණ – 071-8594360

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
20
+1
27
+1
13
+1
37
+1
10
+1
10
Subscribe
Notify of
9 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30