දිට්වා නිසා හානි වූ මාර්ග 315න් මාර්ග 284ක් ප්‍රතිසංස්කරණය කර අවසන්

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ මාර්ගවලින් 90%ක් මේ වනවිට ප්‍රතිසංස්කරණය කර රථවාහන ධාවන සඳහා විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් ඉංජිනේරු කේ.ඩබ්. කණ්ඩම්බි පවසනවා.

අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ මාර්ග 315ක් හානියට පත්ව තිබූ බවයි.

ඉන් මාර්ග 284ක් මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කර අවසන් බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

මධ්‍යම පළාත තුළ මාර්ග කොටස් 40ක් හානියට පත්ව තිබු බවත් ඉන් මේ වනවිට 25ක් යළි ප්‍රතිසංස්කරණය කර අවසන් බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව ඌව පළාතේ මාර්ග 22ක් හානියට පත්ව ඇති අතර, ඉන් 17ක් මේ වනවිට පිළිසකර කර අවසන් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම බස්නාහිර පළාතේ මාර්ග 67 කට හානි සිදුව ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මාර්ගවලින් මාර්ග සියල්ල යථා තත්ත්වයට පත්කර ඇති බව පැවසුවා.

සබරගමුව පළාත තුළ හානි වූ මර්ග 36න් මාර්ග 34ක් මේ වනවිට පිළිසකර කර අවසන් අතර, උතුරු මැද පළාත තුළ මාර්ග 15ක් හානියට පත්ව ඇති බවත් ඉන් මාර්ග 12ක් පිළිසකර කර අවසන් බවයි ඔහු මෙහිදී පවසා සිටියේ.

ඊට අමතරව වයඹ පළාත තුළ හානියට පත් මාර්ග 58න් මාර්ග 56ක් පිළිසකර කර තිබෙනවා.

උතුරු පළාත තුළ මාර්ග 34ක් හානි වී ඇති බවත්, ඉන් මාර්ග 32ක් යථා තත්ත්වයට පත්කර ඇති බවත් දකුණු පළාත තුළ හානියට පත් වූ මාර්ග තුනම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව පැවසුවා.

එමෙන්ම නැගෙනහිර පළාත තුළ හානියට පත් වූ මාර්ග 24 ම මේ වනවිට වාහන ගමනා ගමනයට විවෘත කර ඇති බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?කොලඹ නගරේ පුරා එයාගේ බිස්නස් තියෙනවා
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට වෙනම නීතියක්ද ?
00:29
Video thumbnail
"මුදල් දෙන්න කියලා දියණියට තර්ජනය කරනවා"..ඔන්ලයින් ලෝන් මාෆියාව නිසා ජනතාව දැඩි අසරණ වෙයි
12:06