එළඹෙන උත්සව සමයේ බිත්තරයක මිල රුපියල් 70ක් දක්වා ඉහළ යන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.
සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි අද (07) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ බිත්තර නිෂ්පාදනය කරන සත්තු ලක්ෂ 28කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.
කුකුල් මස් ,බිත්තර, එළු මස් ඇතුළු සියලුම සත්ව නිෂ්පාදනවලට මෙම බලපෑම එල්ල වී ඇති බව සඳහන් කළ සභාපතිවරයා කුකුළු මස්, බිත්තර නිෂ්පාදන කර්මාන්තයට ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති බවයි ඔහු පැවසුවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ දිනවල කුකුල් මස් ආහාරයට ගැනීමෙන් වැළකී සිටින ලෙසට බොරු ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බවයි.
ඒ, අනුව කුකුල් මස් මිලේ අඩුවීමක් දක්නට ඇති බව සඳහන් කළ ඔහු, එළඹෙන උත්සවය සමයේ කුකුළු මස්වල හිඟයක් ඇති විය හැකි බවටයි අනතුරු අඟවා සිටියේ.
සත්ව ආහාර සඳහා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බව සඳහන් කළ සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපතිවරයා කඩිනමින් එම අමුද්‍රව්‍ය ආනයනය කර ඒ වෙනුවෙන් සහනයක් සත්ව ගොවිපොළ හිමියන්ට ලබාදෙන ලෙසයි පැවසුවේ.





