ආපදා සහන අරන් ගිය හක්මන බසයට පහරදුන් චන්ඩි අල්ලයි

ආපදා සහන සේවා සඳහා පිටවගිය හක්මන ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නැවත පැමිණීමෙන් සිටින අතර තුර එම බස් රථයට දෙයියන්දර – හක්මන මාර්ගයේ පිටවල්වමුව ප්‍රදේශයේ දී පහරදීමක් සිදුව තිබුණා.

ඊයේ (06) අලුයම් කාලයේ මෙම පහරදීම සිදුව තිබූ අතර, එහිදී බස් රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් හතරදෙනෙක් ඊයේ (06) දිනම අත්දන්ගුවට ගැනීමට දෙයියන්දර පොලිසියට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙයියන්දර ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

බදුල්ල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටින අතර තුර ත්‍රීරෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් බස් රථයට පහර දී තිබුණා.

පහරදීමට පැමිණි පිරිස බීමතින් සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුව ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරුවන හතර දෙනා අද (07) දෙයියන්දර අධිකරණ වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
39
+1
17
+1
4
+1
9
+1
7
+1
4
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02