ආපදා සහන අරන් ගිය හක්මන බසයට පහරදුන් චන්ඩි අල්ලයි

ආපදා සහන සේවා සඳහා පිටවගිය හක්මන ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නැවත පැමිණීමෙන් සිටින අතර තුර එම බස් රථයට දෙයියන්දර – හක්මන මාර්ගයේ පිටවල්වමුව ප්‍රදේශයේ දී පහරදීමක් සිදුව තිබුණා.

ඊයේ (06) අලුයම් කාලයේ මෙම පහරදීම සිදුව තිබූ අතර, එහිදී බස් රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් හතරදෙනෙක් ඊයේ (06) දිනම අත්දන්ගුවට ගැනීමට දෙයියන්දර පොලිසියට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙයියන්දර ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

බදුල්ල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටින අතර තුර ත්‍රීරෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් බස් රථයට පහර දී තිබුණා.

පහරදීමට පැමිණි පිරිස බීමතින් සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුව ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරුවන හතර දෙනා අද (07) දෙයියන්දර අධිකරණ වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
23
+1
3
+1
4
+1
7
+1
6
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?