දසදහසක අල්ලසක් ගත් බිට්ටු නිලධාරීයා රිමාන්ඩ්

දැව කඳන් ඉරීම සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ අයදුම්පතට අදාල කුට්ටි වාර්තාව ඇතුලත් බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් දහදාසක අල්ලසක් ලබාගත් බව කියන බිට්ටු නිලධාරියෙක් ලබන 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම නියෝග අද (5) කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දෙහිඅත්තකණ්ඩිය වන ජීවි කාර්යාලට අයත් බීට්ටු නිලධාරියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, පැමිණිලිකරුට දැව කඳන් ඉරීමට බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ අයදුම් පතට අදාල කුට්ටි වාර්තාව ලබාදී එම දැව කඳන් ඉරීම සඳහා බලපත්‍රය ලබාදීමට කටයුතු කිරීමට එක් බලපත්‍රයකට රුපියල් 5000ක් බැගින් බලපත්‍ර දෙකට රුපියල් 10000ක් වශයෙන් අල්ලස් මුදලක් ලබාගෙන ඇතිබවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරු ලබන 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවනම් ගෙවන්න..අපිනේ සල්ලි දෙන්නේ - ජනපති අනුර කිව්ව සැර කතාව
02:21
Video thumbnail
දැන් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි - පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ගැන ජනපති කට අරියි
02:08
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58
Video thumbnail
අපි පොරවල් නෙවෙයි, අපිට මහා ලොකු දැනුමක් නෑ මේවා ගැන - අපි මැජික් කාරයෝ නෙවෙයි
01:52
Video thumbnail
ත්‍රීරෝද රථ සංගම්වලින් චෝදනා - ත්‍රීවිල් රියදුරන්ට විතරක් ඇයි මෙහෙම කරන්නේ ?
05:12
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල - සිද්ධිය වූ ස්ථානයේ දර්ශන
00:39
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55